අපේ වත

අපගේ ගෝලීය වර්ධන උපාය මාර්ගය තුළ ශ්‍රී ලංකාව සැමවිටම සැලකිය යුතු තැනක් ගත් රටකි. ලෝකයේ වඩාත්ම වේගයකින් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකට හිමිකම් කියන ශ්‍රී ලංකාව මූලික උපාය මාර්ගික වර්ධන වෙළඳපොළකි. මෙරට තුළ අපගේ මෙහෙයුම් ඉහළ දැමීමට අප කැප වී කටයුතු කරන අතර 2017 වසරේ දී කොළඹ නගරයේ අපගේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටුවීමත් සමග මෙම ක්‍රියාවලිය ඇරඹිණි. අපගේ ප්‍රගමනයත් සමග අපගේ දේශීය හවුල්කරුවන් හා කටයුතු කරමින් දේශීයව රථ වාහන එකලස් කිරීම හා නිෂ්පාදනය ඔස්සේ රට තුළ අපගේ පැවැත්ම පුළුල් කිරීම අපේ අරමුණයි.

කොළඹට නුදුරුව වැලිපැන්න නගරයේ සිය දේශීය රථ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමත් සමග මහින්ද්‍රා සිය ගෝලීය සලකුණ වඩාත් විහිදුවා ලීමට සමත් විය. නව රථ වාහන එකලස් කිරීමේ කම්හල මගින් KUV100, පෙට්‍රල් K6+ මාදිළිවලින් ආරම්භ කර නුදුරු අනාගතයේ දී වෙනත් මාදිළි හා සන්නාම ද එකලස් කිරීම අරඹනු ඇත. ශ්‍රී ලංකාව තුළ දේශීයව ව්‍යාප්ත වන ගෝලීය සන්නාමයක් වන මහින්ද්‍රා සතුව කොළඹ දේශීය කාර්යාලයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා අපේක්ෂාවන් සපුරා ලීමට කැප වූ කණ්ඩායමක් සිටී.

ශ්‍රී ලංකාව සඳහා ‘හරිත’ රථ වාහන යන ජාතියේ දැක්මට මහින්ද්‍රා සැමවිටම සහාය දක්වා තිබේ. සම්පූර්ණ විදුලි බලයෙන් ක්‍රියා කරන ත්‍රි රෝද රථයක් ප්‍රථම වරට හඳුන්වා දෙන්නේ මහින්ද්‍රා විසිනි. ඒ නාගරික ශ්‍රී ලංකාව තුළ ගමනාගමනයේ අවසන් සැතපුම තරණය කිරීම සඳහා වන තිරසාර විසඳුමක් වන මහින්ද්‍රා ට්‍රියෝ ය. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිමාන ප්‍රකාරව BS – 4 වාහන සඳහා සම්පූර්ණ පරාසයේ උත්ශ්‍රේණිගත කිරීමක් නිවේදනය කළ ප්‍රථම රථ වාහන සමාගම වන්නේ මහින්ද්‍රාය.

ශ්‍රී ලංකාව තුළ සිටින අපේ හවුල්කරුවන් වන අයිඩියල් මෝටර්ස්, ඩිමෝ මෝටර්ස්, බ්‍රවුන්ස් ව්‍යාපාර සමූහය රටේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයන් වේ.
අපි සැමවිටම පාරිභෝගික සත්කාරයේ පෙරමුණේ සිටීමට කටයුතු කර ඇති අතර 2018 වසරේ දී “මහින්ද්‍රා කෙයාර්” 24×7 උපකාර ඇමතුම් මාර්ගය දියත් කිරීමත් සමග අපි පාරිභෝගික අත්දැකීම නව මානයකට ගෙන යාමකට සමත් වී ඇත්තෙමු. පාරිභෝගිකයාට උපරිම පහසුවක් සැලසීම සඳහා නිර්මාණය කර ඇති මෙම සේවාව මගින් පරිපූර්ණ අත්දැකීමක් ඔබේ ඇඟිලි තුඩු අබියසට ගෙන දෙයි.

ස්වයංක්‍රිය

පුද්ගලික මෝටර් රථ, පිකප්, ත්‍රි රෝද රථ හා වාණිජමය බර වාහන

ගොවිපොළ උපකරණ

30 HP – 70 HP ට්‍රැක්ටර්

මහින්ද්‍රා වෙතින් පවරෝල්

5 kVA – 1000 kVA
ඩීසල් ජෙනරේටර්

ඉදි කිරීම් උපකරණ

බැකෝ
ග්රේඩර්

බෙදා හරින්නාගේ පැතිකඩ

අයිඩියල් මෝටර්ස්

2009 නොවැම්බර් මාසයේ සිට මහින්ද්‍රා සහ Mahindra Ltd. මගින් නිෂ්පාදනය කරන ලද මහින්ද්‍රා රථ වාහන සඳහා බලය ලත් එකම බෙදා හරින්නා වී ඇත්තේ අයිඩියල් මෝටර්ස් වේ. අයිඩියල් මෝටර්ස් අයිඩියල් සමූහයේ සම්පූර්ණ අයිතියට අයත් අනුබද්ධ ආයතනයක් වන අතර එය මූල්‍ය, පුනර්ජනනීය බලශක්තිය, කාර්ය සම්පාදනය, රථ වාහන කුලියට සැපයීම, ප්‍රවාහනය, ජෙනරේටර්, ටයර්, මෙවලම්, රථ වාහන අමතර කොටස් හා විශේෂඥ රථ වාහන බහු-සන්නාම අලෙවියෙන් පසු සේවා යන අංශවල ව්‍යාපාර රාශියක නියැළී සිටී.

2019 දෙසැම්බර් මාසය වන විට අයිඩියල් මෝටර්ස් විසින් ශ්‍රී ලංකාව පුරා වාහන 65,000කට අධික සංඛ්‍යාවක් සාර්ථකව අලෙවි කර තිබේ. එබඳු විශිෂ්ට සංඛ්‍යාත්මක් අගයන් මගින් මහින්ද්‍රා සමාගම “ටොන් 1ට වැඩි” ප්‍රවර්ගයේ 50%කට වැඩි වෙළෙඳපොළ කොටස් හිමි කර ගනිමින් එම ප්‍රවර්ගයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ඉදිරියට පැමිණීමට මෙන්ම “ටොන් 1ට අඩු” ප්‍රවර්ගය තුළ 35%ක කොටස් හිමි කර ගැනීමට ද අවස්ථාව උදා කර දී ඇත. අලෙවි ප්‍රදර්ශනාගාර, කලාපීය අලුත්වැඩියා මධ්‍යස්ථාන, බලය ලත් සේවා වෙළෙඳ නියෝජිතයන් හා අමතර කොටස් බෙදා හරින්නන්ගේ දිනෙන් දින පුළුල් වන ජාලයේ මහිමයෙන් අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාව තුළ යෝධ සලකුණක් තබා ඇත.

ඩිමෝ

Diesel & Motor Engineering PLC (DIMO) 1939 වසරේ දී මුළුමනින්ම රථ වාහන අලෙවිය හා අලුත්වැඩියාව හා සම්බන්ධ ආයතනයක් ලෙස පිහිටුවන ලද අතර අද වන විට ඩිමෝ සමාගම විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් තුළ ක්‍රියාත්මක වන විවිධාංගීකෘත සමාගමක් බවට පරිවර්තනය වී තිබේ.
ඩිමෝ සමාගම මේ වන විට දශක දෙකක් තිස්සේ මහින්ද්‍රා ට්‍රැක්ටර් සමග සම්බන්ධව කටයුතු කර තිබේ. රට පුරා මහින්ද්‍රා හා ස්වරාජ් ට්‍රැක්ටර් බෙදා හැරීමේ එකම හවුල්කරුවන් වනුයේ ඔවුන්ය.

බ්‍රවුන්ස් ව්‍යාපාර සමූහය

M&M මගින් නිපදවන ඉදි කිරීම් උපකරණ ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම මුළුමනින්ම බ්‍රවුන්ස් සමාගම මගින් සිදු කරනු ලබයි. බර යන්ත්‍ර හා හෝලේජ් නිපැයුම්, කෘෂි යන්ත්‍ර, ගොවිපොළ ආරක්ෂණය, බලශක්ති ජනනය හා ගබඩාකරණය සහ තවත් බොහෝ අංශ සම්බන්ධයෙන් වන බොහෝ ප්‍රධාන පෙළේ ගෝලීය සන්නම් අතර පාරිභෝගිකයින්ගේ විශ්වාසය හා කැමැත්ත වැඩියෙන්ම දිනාගෙන ඇත්තේ බ්‍රවුන්ස්
සමාගමයි.