දළ විශ්ලේෂණය

මහින්ද්‍රා අර්ත් මාස්ටර් VX බැකෝ රථය වසර 4ක පර්යේෂණ හා රළුතම තත්ත්වයන් යටතේ සිදු කරන ලද පැය 20,000කට අධික පර්යේෂණවලින් පසු නිමවන ලද විප්ලවීය යන්ත්‍රයක් වන අතර එය 78.89 HP බැකෝ ප්‍රවර්ගයේ නව ඉමක් සලකුණු කළේය. මහින්ද්‍රා අර්ත්මාස්ටර් VX පැහැදිලි ලෙසම වඩාත් සුපිරි යන්ත්‍රයක් වන අතර ඊට ඉහළ විශ්වසනීත්වයක්, සැලකිය යුතු මට්ටමේ අඩු නඩත්තුවක්, මනා ක්‍රියාකාරී චාලක හා ගතිකයන් සහ යටත් පිරිසෙයින් පැයකට ලීටරයක්වත් ඉතිරි කරන ඉන්ධන කාර්යක්ෂමතාවක් තිබේ.
For more details, visit – https://www.mahindraconstructionequipment.com/

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් අර්ත් මාස්ටර්
විචල්‍යයන් VX 4WD
විශේෂාංග එක්ස්කැවේටර් පාලන ජෝයි ස්ටික්
උපකරණ එකතුව DiGi සංවේදනය – GPS, GPRS මූල වාහනයේ තත්ත්ව අධීක්ෂණ හා නිරීක්ෂණ පද්ධතිය
වගකීම් සහතිකය වසර 1^  සම්මත වගකීම් සහතිකය, අසිමීත පැය ගණනක්
බනානා බූම් නිමාව ඔව්
අත් ඇඳි හා ආසන පටි සහිත අංශක 180 කැරකෙන පුටු ඔව්
ද්වි මං ශබ්ද විකාශක පද්ධතිය සහිත FM රේඩියෝව ඔව්
ජංගම දුරකථන ආරෝපකය ඔව්
ඇසුරුම් පෙට්ටිය ඔව්
එන්ජිම මහින්ද්‍රා ඩයිටෙක් එන්ජිම ටර්බෝ ආරෝපිත අන්තර් සිසිලනය
සිලින්ඩර ගණන 4
විස්ථාපනය 3532 cc
දළ අශ්ව බලය 58.8 kw (79.89 HP) @ 2300 +/- 50 RPM
තීව්‍ර දළ ව්‍යාවර්ථය 306 Nm @1300-1700 RPM
ද්‍රවපීඩක පද්ධති වර්ගය හා පීඩනය විවෘත මධ්‍යස්ථානය: බාර් 250 (3675 psi)
පොම්ප වර්ගය ස්ථාවර විස්ථාපන ගියර් පොම්පය
පොම්ප බෙදා හැරීම ලීටර් 115 @ 2350 RPM
පාලන වෑල්ව (බැකෝ) ආංශික වෑල්ව (සැන්විච් ටයිප්, වෙන්ව මාරු කළ හැකි)
සම්ප්‍රේෂණය වර්ගය වේග හතරේ (ෆෝවර්ඩ් 4, රිවර්ස් 4), රෝද දෙකේ ධාවනය (2WD) විදුලියෙන් ක්‍රියා කරන රිවර්ස් ෂට්ල් සහිත සමමුහු ෂටල් සම්ප්‍රේෂණය හා 2.64:1ක නැවතුම් අනුපාතයක් සහිත ව්‍යාවර්ථ පරිවර්තකය
ඇක්සල් පසුපස ඇක්සල් දැඩිව සවි කළ ධාවන ඇක්සලය, පිටතට යන ප්ලැනටරි ෆයිනල් ඩ්‍රයිව්, ෂෝට් ඩ්‍රයිව් ෂාෆ්ට් මගින් ධාවිත.
ඉදිරිපස ඇක්සලය 16°ක සමස්ත පරිභ්‍රමණයක් සහිතව ප්‍රධාන පිනයට දුරස්ථ තෙල් ගැල්වීමේ පහසුකමෙන් සමන්විත මධ්‍යයට ලක්ෂ්‍යගත කළ, අධාවිත අසංතුලිත ආකාරයේ ඇක්සලය
තිරිංග සේවා තිරිංග පසුපස ඇක්සලය මත ස්වාධීන පාදිකා මගින් ක්‍රියා කරවන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සඳහා එක් කළ ද්‍රවපීඩකව ක්‍රියාරම්භිත, ස්වයං සැකසුම්, නඩත්තු රහිත, ඔයිල් ගැල්වූ මල්ටි ඩිස්කය.
නැවතුම් තිරිංග අතින් ක්‍රියා කරවන පසුපස ඇක්සලයෙහි සවි කර ඇති, අඩු නඩත්තුව.
විදුලි උපාංග දූවිලිවලට ඔරොත්තු දෙන යතුරු, එන්ජිම පණ ගැන්වීම සඳහා ජ්වලන පාලන, නලාව හා රිවර්ස් එලාමය, ජල හා ධූලි ප්‍රතිරෝධී විද්‍යුත් සම්බන්ධක. 100Ah, 12V, නඩත්තුව අවම බැටරිය.ප්‍රත්‍යාවර්තකය: ඇම්පියර් 90.
කැබින් නවීන විලාසිතාවට ශ්‍රම කාර්යක්ෂ්මව නිමා කරන ලද කැබ්, ක්‍රියාකරවන්නාගේ පහසුව, දිවා රාත්‍රි වේලාව බැලීමේ හැකියාව, පසුපස බලන කන්ණාඩිය, ඇසුරුම් විකල්ප ගණනාවක්, දොර දෙකේ ප්‍රවේශය, ස්ලයිඩ් කළ හැකි පසුපස කවුළුව, ඇසිරිය හැකි දොරවල් හා ඒකාබද්ධ මෙවලම්පෙට්ටිය. දිගු කාලීනව මල බැඳීම වැළැක්වීම සඳහා ස්ථාවර නාලාකාර අංශ සහිතව CED තාක්ෂණය යොදාගෙන නිමා කළ කැබින් රාමුව. ආසන පටි සහිත සම්පූර්ණයෙන් සීරු මාරු කළ හැකි ප්‍රීමියම් රියැදුරු අසුන. දෙපා තබා ගැනීමට මනා ඉඩක් සහිතව, පහසුව සැලසෙන ආකාරයට සවි කර ඇති පාලන ලීවරසහ පාදිකා. ක්‍රියා කරවන්නා අන් අයට පෙනී යාමට සලසන කවාකාර වහළය.
සුක්කානම ප්‍රමුඛතා ක්‍රියාකාරීත්වය සහ බාර් 145ක පීඩන  සමන සැකසුමක් සහිත ඉදිරිපස රෝද ද්‍රව ස්ථිතික බල සුක්කානම.
ක්‍රියා කරවන්නාගේ තොරතුරු හා විනෝදන පද්ධතිය ඉදිරිපස එකතුව ජල හා ධූලි ප්‍රතිරෝධී, වේගමානය සමග, හැරවුම් හා ප්‍රධාන ලාම්පු සංඥා
දකුණුපස එකතුව: •  RPM දක්වන LCD සංදර්ශක තිරය, ධාවනය කර ඇති කි.මී. ගණන, ධාවනය කර ඇති පැය ගණන, ඉන්ධන මට්ටම, උෂ්ණත්වය
• LCD සංදර්ශක තිරය සහ ප්‍රාදේශීය භාෂා හයකින් කටහඬ පණිවුඩ
• තිළැලි FM රේඩියෝ හා ශබ්ද විකාශක පද්ධතිය සමගින් සංගීතය රස විඳින්න
සෝපාන ක්‍රියාකාරීත්වය උපරිම හෑරීම් ගැඹර 4959 mm #
සිසෑරවුම් මධ්‍යස්ථානයට බිම් මට්ටමේ ප්‍රවේශය 5794mm
සිසෑරවුම් මධ්‍යස්ථානයට උපරිම උසේ ප්‍රවේශය 2676mm
උපරිම වැඩ කිරීමේ උස 6043mm#
උපරිම පැටවීමේ උස 4302 mm#
එක්ස්කැවේටර් පිවට් යාන්ත්‍රණය Side Shift
යන්ත්‍රයේ මධ්‍යයට පැත්තකින් ප්‍රවේශ වීම 6324 mm
එක්ස්කැවේටර් බකට් බිඳවැටුම් බලය 5199 kg
එක්ස්කැවේටර් ආර්ම් බිඳවැටුම් බලය 3182 kg
සම්පූර්ණ ප්‍රවේශයේ දී බකට් ලක්ෂ්‍යයට එසවුම් ධාරිතාව(බකට් සවි නොකළ) (SAE J31)            1449 kg
බැකෝ බකට් ධාරිතාව 0.27 CuM
ලෝඩර් ක්‍රියාකාරීත්වය බෑම් උස 2708 mm
පැටවීමේ උස 3253 mm
සම්පූර්ණ උසේ දී උපරිම ප්‍රවේශය 1115 mm
ලෝඩර් බකට් බිඳවැටුම් බලය 6243 kg
ලෝඩර් ආර්ම් බිඳවැටුම් බලය 5594 kg
සම්පූර්ණ උසේ දී ලෝඩර් එසවුම් ධාරිතාව 3428 kg
ලෝඩර් බකට් ධාරිතාව 1.1 CuM, 6-in-1 බකට් ලෙස ද ලබා ගත හැක
වේගය (ගියර් – F/R) 1 වැනි F/R 5.66 km/hr
2 වැනි F/R 9.11 km/hr
3 වැනි F/R 20.00 km/hr
4 වැනි F/R 39.97 km/hr
සේවා ධාරිතාවන් වර්ග පද්ධති ධාරිතාවන් සේවා මාරු කිරීමේ ධාරිතා
හයිඩ්‍රෝලික් ඔයිල් ධාරිතාව ලීටර් 100 50 ලීටර්
ඩීසල් ටැංකිය 120 ලීටර්
එන්ජින් සිසිලකය රෙඩි මික්ස් (ලීටර් 17) 17 ලීටර්
එන්ජින් ඔයිල් 13.7 ලීටර් 13 ලීටර්
ට්‍රාන්ස්මිෂන් ඔයිල් 19.2 ලීටර් 10.2 ලීටර්
පසුපස ඇක්සල් ඔයිල් 17.1 ලීටර්
ටයර් වර්ග සම්මත (ප්‍රේක්ෂණය) විකල්ප (බර වැඩ)
ඉදිරිය 9 X 16-16PR – 2WD
පසුපස 16.9 X 28-12PR 14 X 25-20PR / 12PR
හැරවුම් අරය පිටත බකටය (අභ්‍යන්තර රෝද තිරිංග ලූ) 4494 mm
පිටත රෝද (අභ්‍යන්තර රෝද තිරිංග ලූ) 3091 mm
පිටත බකටය (අභ්‍යන්තර රෝද තිරිංග නොලූ) 5697 mm
පිටත රෝද (අභ්‍යන්තර රෝද තිරිංග නොලූ) 4464 mm
වාහනවල ප්‍රවාහනය කිරීමේ බර කාර්මික ටයර් සමග යන්ත්‍රවල ප්‍රවාහනය කිරීමේ බර 7430 kg
HD ටයර් සමග යන්ත්‍රවල ප්‍රවාහනය කිරීමේ බර 7580 kg

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න