දළ විශ්ලේෂණය

ස්වරාජ් 855 FE සිලින්ඩර්-3 ජල සිසිලිත එන්ජිමක් සහිත 50-55hp වර්ගයේ ට්‍රැක්ටරයකි. ශුද්ධ බලයක් ලබා දීම සඳහාම නිමවන ලද ට්‍රැක්ටරයක් වන මෙය කුඹුරේ දුෂ්කර හා දැඩි පසෙහි මෙහෙයුම් සඳහා සකස් කර ඇත. එය දිශානති පාලන වෑල්වයක්, බහුවේගී ෆෝවර්ඩ් රිවර්ස් PTO, පවර් ස්ටියරිං, ද්විත්ව ක්ලච්, ආදී විශේෂාංග ගණනාවකින් සමන්විත වේ. එය MB  නඟුල, පිදුරු සෑදීමේ යන්ත්‍රය, රොටවේටරය, ජෙන්සෙට් කම්ප්‍රෙසරය හා කම්බයින් හාවස්ටරය වැනි යෙදවුම් සඳහා යෝග්‍ය වේ.

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් ස්වරාජ්
විචල්‍යයන් 855 FE
එන්ජිම එන්ජිම RB-33 TR
HP 50-55 hp
වර්ගය 4-ස්ට්‍රෝක්, ඍජු නික්ෂේපණය, ඩීසල් එන්ජිම
සිලින්ඩර ගණන 3
බෝර් හා ස්ට්‍රෝක් 110 X 116 mm
විස්ථාපනය 3307 cc
ශ්‍රේණිගත එන්ජින් වේගය 2000 rev/min
වායු ශෝධකය අදියර-3 ඔයිල් බාත් ටයිප්
සිසිලන පද්ධතිය ජල සිසිලිත නෝ-ලොස් ටැංකිය. එන්ජින් ඔයිල් සඳහා ඔයිල් කූලරය
සම්ප්‍රේෂණය ක්ලච් සම්මත සින්ගල් ඩ්‍රයි ඩිස්ක් ඝර්ෂණ තහඩුව – විෂ්කම්භය 305 mm
ක්ලච් විකල්ප ද්විත්ව ක්ලචය
ගියර් වේග ගියර් වේග ෆෝවර්ඩ් වේග 8, රිවර්ස් වේග 2
ෆෝවර්ඩ් 3.1 to 30.9
රිවර්ස් 4.6 & 15.1
PTO PTO වේගය: සම්මත 1000 rpm
PTO වේගය: විකල්ප 540 rpm , CR- PTO බහු වේග සහිත
තිරිංග තිරිංග ආකාරය: සම්මත ඩ්‍රයි ඩිස්ක් ආකාරයේ තිරිංග
තිරිංග ආකාරය: විකල්ප ඔයිල් ආලේපිත තිරිංග
සම්මත සම්මත ක්‍රියා කරවන්නා සඳහා වඩා හොඳ හසුරුතාවක් සහ පහසුවක් සැලසීම සඳහා යාන්ත්‍රික සුක්කානම් පාලනය
විකල්ප පවර් ස්ටියරිං
ද්‍රවපීඩක සජීව ද්‍රවපීඩක A)ස්ථාන පාලනය: අභිමත ඔ්නෑම උසකට පහළ සබැඳි රැඳවීම සඳහා.
B) ස්වයංක්‍රිය ඩ්රාෆ්ට් පාලනය: සමරූපී ගැඹුරක් පවත්වා ගැනීම සඳහා
c) මිශ්‍ර පාලනය: ප්‍රශස්ත ක්ෂේත්‍ර ප්‍රතිදානයක් සඳහා
එසවුම් ධාරිතාව පහළ සබැඳි අග්‍රවල දී 1500 kg
ප්‍රතිබද්ධය I හා II වර්ගයේ උපකරණ පින් සඳහා යෝග්‍ය ලක්ෂ්‍ය-3 සබැඳි
ටයර් ආකාරය ඉදිරිපස ටයර් සම්මත 6.00 x 16
පසුපස ටයර් සම්මත 14.9 x28
ඉදිරිපස ටයරය / පසුපස ටයරය විකල්ප (7.50 x 16 / 16.9 X 28)/(7.50 x 16 / 14.9 X 28)/(6.00 x 16 / 13.6 X 28)
විදුලි උපාංග හා ඉලෙක්ට්‍රොනික් අංග විදුලි උපාංග 12 Volt, 99 Ah. බැටරි ස්ටාර්ටර් මෝටරය හා ප්‍රත්‍යාවර්තකය
උපකරණ දිශානති දර්ශක සමග එන්ජින් rpm සහ හෝරා මානය, ඉන්ධන ආමානයඇමීටරය, හා ජල උෂ්ණත්වය ආමානය; ඉන්ධන පීඩන දර්ශකය
උපකරණ O.A. දිග 3475 mm
O.A. පළල 1805 mm
O.A. උස 2275 mm
වීල් බේස් 2105 mm
අවම බිම් වාසිය 400 mm
ට්‍රැක්ටරයේ බර 2020 kgs
වීල් ට්‍රැක් ඉදිරිය 1380 mm
වීල් ට්‍රැක් පසුපස 1420 mm (14.9*28 ටයර් ආකාරය සමග)

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න